Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඡන්දය ඉක්මනින් තියන්න සූදානම්

ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද දැනට නම් කර ඇති දිනයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ඉක්මනින් නම් කරන්නට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිසම තමන්ට ප්‍රකාශ කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාර්තු 9 සිට එළෙැඹෙන දින 21කින් පසු දිනයක මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවට කොමිසම තමන්ට පොරොන්දු වූ බව ද දිසානායක මහතා කියා සිටියේය.

ඔහු මේ බව පැවැසුවේ මැතිවරණ කොමිසම හමුවීමෙන් පසුව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

About The Author