චීන සමුහාණ්ඩුවේ 73 වන ජාතික දිනය නිමිත්තෙන් ඔවුන් විසින් මෙරට ජාතික පුවත් පත් බොහොමයක පාහේ විශේෂ දැන්වීමක් පල කර තිබෙනවා.
චීන සමුහාණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳ තොරතුරු එහි අන්තර්ගත කර තිබෙනවා.
මෙම දැන්වීම් අතිරේකය හරහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමාජ ගත කිරීමට බලාපොරොත්තු වන මතු පිට අර්ථය සහ යටිපෙළ අර්ථය කුමක් විය හැකිද?
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය හෝ ජනරජ දිනය හෝ නිමිත්තෙන් මාලදිවයිනේ ජාතික පුවත් පත් වල දැන්වීම් පළ කිරීමක් වැනි මෙම කටයුත්ත බැලු බැල්මටම මහජන සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමක් සේ පෙනී ගියද මෙමගින් කියවෙන්නේ චීන සමුහාණ්ඩුවට ශ්‍රී ලංකාව ද යටත් ව හෝ ඇතුළත් කර හෝ ඇති බවට වන යටිපෙළ පණිවිඩයක් යැයි යමෙකුට සුක්ෂම තර්කයක් ඉදිරිපත් කළ හැකියි.
ඒ හරහා චීනය තම බලය සහ අභිමානය පැහැදිලි ලෙසම ඉස්මතු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉතා සුක්ෂමවසහ සැලසුම්සහගත ලෙස තම රට වෙනුවෙන් සැලසුම් සකස් කරමින් චීන ව්‍යාප්තවාදී ක්රමෝපායන් දියත් කරමින්,ලෝක වෙළඳ පොළ අතික්‍රමණය කරමින්, වෙනත් රටවලට මුදල් ආයෝජනය කර එම ආයෝජන ක්‍රියාත්මක කිරීමේ විශේෂඥ දැනුම මෙන්ම කම්කරු ශ්‍රමය පිළිබඳ පවා අවස්ථා තමන්ගේ රට වැසියන්ටම උදා කර දෙමින්, ආයෝජන වල සැබෑ ප්රතිලාභ සහ සාරයන් තම රට වෙතම උරා ගනිමින්, කොදෙව්වන්හි පාලන බලය තමන්ට අවශ්‍ය ලෙස ඒ මේ අත දෝලනය කරවමින් ලොව පුරා චීන සමුහාණ්ඩුවේ කිතු ගොස ඔප්නැංවීම වෙනුවෙන් කැපවුණු චීන සමුහාණ්ඩුවට මී මැස්සෝ අපගේ ප්‍රණාමය සහ සුභාශිංසන පලකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.




අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?