Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගුවන්තොට සහ වරාය හෙට සිට සංචාරකයන්ට ඇරේ , වැඩේ ගෙනියන්න සහයෝගය දෙන්න – ඇමති ප්‍රසන්න ඉල්ලයි

සංචාරකයන් සඳහා හෙට සිට ගුවන්තොටුපොළ සහ වරාය විවෘත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වයක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් සංචාරක කටයුතු පිලිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් ලබාගත් අත්දැකීම් හා අඩුපාඩු හඳුනාගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවද රණතුංග මහතා සඳහන් කරනවා.

2020 මාර්තු 19 වැනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ වසා තිබුණා.

ජනවාරි 21 වැනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙය ජාතික වගකීමක් හා යුතුකමක් මෙන්ම, විශේෂයෙන්ම එය රටේ ජාතික ආර්ථිකයට බලපාන කරුණක් බවත් සංචාරක ක්ෂේත්‍රයෙන් ඍජුව හා වක්‍රව ජීවත්වන මිලියන 3ක කණ්ඩායමක් රට තුළ ජීවත්වන බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා මෙම පියවර ඒ අය වෙනුවෙන් ගත් සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙසයි පෙන්වා දෙන්නේ.

මේ මස 21 වැනිදා ගුවන්තොටුපළ විවෘත කරන විට වෙළෙඳ, මගී හා පෞද්ගලික ගුවන් යානාවලින් මෙන්ම, නැව්වලින් පැමිණෙන සංචාරකයන්ටත් රට විවෘත කරන බවයි රණතුංග මහතා පවසන්නේ.

සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව පුරවැසිභාවය තිබෙන අය මෙන්ම, මෙරට පදිංචිව සිටීම සඳහා වීසා ලබා තිබෙන විදේශිකයන්ට මේ හරහා පැමිණීමට හැකියාව හිමිවන බව ද ඔහු පෙන්වා දෙනවා.

දිවයිනට පැමිණෙන සෑම සංචරකයෙකුම පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් රැගෙන ඒම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම මෙරටට පැමිණි වහාම හෝටලයට යෑමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් කර ගැනීම ද අනිවාර්ය කර ඇති බවයි වාර්තාවන්නේ.

තව දුරටත් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කටයුතු සිදුකරන බවත් පවසන රණතුංග මහතා මේ සඳහා රටක් ලෙස මුහුණ දීම සියලු දෙනාගේ සහයෝගය ද ඉල්ලා සිටිනවා.

About The Author