ආහාර වර්ජනය කරමින් සිටියෙ දී පසුගිය දිනෙක මිය ගිය හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන දිලීපන් ගුණා නමැත්තා වෙනුවෙන් රජය වෙත විරෝධය පළ කිරීම පිණිස උතුරු – නැගෙනහිර පළාත් පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මන්දයත් මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටියෙ දී ය.
ශ්‍රී ලංකා දමිළ ජාතික සංධානය විසින් ඊයේ (28) දිනයේ දී මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, පසුව ඒ හා සම්බන්ධ වෙනත් සංවිධාන කිහිපයක් ද වර්ජනයට සහයෝගය දී තිබේ.
මේ වන විට වාලච්චේන, සෙන්ගලඩි, කළුවන්චිකුඩි වැනි මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල මෙන් ම යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව ද කඩ සාප්පු වසා දමමින් හර්තාලයට සහය දක්වන අයුරු දැක ගත හැකි විය.
කෙසේ වුවත් වවුනියාව දිස්ත්‍රික්කයේ ජන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතී.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක