ජනපතිවරයාට ප්‍රශ්නයට උත්තරයක් නොමැති බැවින් මහ බැංකුව වට කර විසඳුමක් ලබා ගන්නා ලෙස ජනාධිපති උපදේශකයෙකු විසින් ව්‍යාපාරිකයෙකුට පැවසීමේ සිදු වීමක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.
එම වාර්තාව පහළින්..
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් සහන ලබා නොදීමට විරෝධය පළකිරීම සඳහා එම ව්‍යාපාරිකයන් පිරිසක් ඊයේ (07 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
දේශීය පොල්තෙල් කර්මාන්තය මුහුණ දෙන ගැටලු හා ඒවාට විසඳුම් ඇතුළත් යෝජනාවලියක්ද රැගෙන මෙම ව්‍යාපාරිකයන් පිරිස පා ගමනින් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කළ යුතු බවයි.
පසුව පොලිසිය මැදිහත් වී ව්‍යාපාරිකයන් පස් දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදුන් අතර ඉන්පසුව
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි සාකච්ජාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියන ආරච්චි මහතා පැවසුවේ,
“කවදාවත් උද්ඝෝෂණ වලට ආපු නැති පිරිසක් තමයි අද මේ විදියට ඇවිත් ඉන්නේ. ජනාධිපතිවරයාගේ නියෝග වලටත් උඩින් වැඩ කරන මහ බැංකු අධිපතිවරයාට අපේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ. අපි සාකච්ජාවට ගියාම ගමගේ කියලා ජනාධිපති උපදේශකයෙක් අපිට කියනවා ජනාධිපති හම්බවෙලා වැඩක් නැ ගිහිල්ලා මහ බැංකුව වට කරන්න කියලා. මෙහෙම ද මේ නිලධාරි ප්‍රශ්න විසඳන්නේ….”
අනතුරුව ව්‍යාපාරිකයන් පිරිස මහ බැංකු පරිශ්‍රය දෙසට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය හා කැරැලි මර්දන ඒකකය මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.
© කමල් බෝගොඩ – දිවයින
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?
රේගු පරීක්ෂාවක් නොකර බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිදුවීම ජනපති අනුරට අභියෝගයක් – අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්