Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගාසා තීරය තුළ හමාස් හා ඊශ්‍රායල ගැටුම.

Palestinian Islamic Jihad militants attend the funeral of a comrade in Khan Yunis in the southern Gaza Strip November 14, 2019. - A ceasefire between Israel and Palestinian militants in Gaza took hold today after two days of fighting triggered by an Israeli strike on an Islamic Jihad commander, with 34 Palestinians left dead in exchanges of fire. Both Palestinian militant group Islamic Jihad and Israel's military confirmed the ceasefire early today brokered by Egyptian and UN officials -- the usual mediators between Gaza and Israel. (Photo by SAID KHATIB / AFP)

ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් ජයගෙන වසරකට පසු 2007 වසරේ දී “හමාස්” සංවිධානය තම ප්‍රතිවාදීන් නෙරපා හරිමින් ගාසා තීරය තුළ සිය බලය පිහිටුවා ගත්හ. එහෙයින් ඊශ්‍රායලය සහ ඊජිප්තුව එක් ව ගොඩබිම, මුහුද සහ ගුවන් අවහිරයක් ගාසා තීරය වෙත පැනවූහ. දෙරට පවසන්නේ මෙම අවහිර කිරීම සිදු කළේ ආත්මාරක්ෂාව සඳහා බවයි. එහෙත් මේ වන විට ගාසාවේ සිට දියත් කරන ලද ප්‍රහාරක බැලූන් හේතුවෙන් මෑත දිනවල ඊශ්‍රායලයේ දුසිම් ගණනක් ස්ථානවල ගිනි ඇවිළී තිබේ. රොකට්ටු සහ ගිනි අවුළුවන බැලූන් ප්‍රහාර නැවැත්වීමට අපොහොසත් වීමෙන් ගාසා තීරයේ අනතුරුවල උග්‍රවීමක් සිදුවිය හැකි බවට ඊශ්‍රායල නායකයින් හමාස් සංවිධානය වෙත අනතුරු අඟවා තිබේ.

මෙයින් ගාසා තීරය පාලනය කරන පලස්තීන කණ්ඩායමට දැඩි පහරක් එල්ල වනු ඇතැයි ආරක්ෂක අමාත්‍ය “බෙනී ගැන්ට්ස්” පැවසීය. කෙසේ වෙතත්, හමාස් ප්‍රකාශකයෙකු පිළිතුරු දෙමින් කියා සිටියේ ඊශ්‍රායලයේ ප්‍රහාර සහ වටලෑම දිගටම පැවතුනහොත් සටනට පිවිසීමට තමන් පසුබට නොවන බවයි. එක රැයක් තුළ දී සටන්කාමීන් ඊශ්‍රායලය දෙසට රොකට් 12 ක් එල්ල කළ අතර ඊශ්‍රායල යුධ ගුවන් යානා විසින් ගුවන් ප්‍රහාර 3 ක් සිදු කරන ලදී. පසුගිය සතියේ සිට ගාසා තීරයෙන් රොකට් ගණනාවක් දියත් කර ඇති අතර ඒවායින් දකුණු ඊශ්‍රායලය පුරා බොහෝ ස්ථාන ගිනි තබා තිබේ. පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවුළුවන උපකරණ සහිත බැලූන් සිය ගණනක් මේ වන විටත් අහසේ පා වෙමින් තිබේ.

ඉශ්‍රායලය මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ සටන්කාමී ඉලක්ක යැයි සැලකෙන ස්ථාන කිහිපයකට බෝම්බ හෙළීමෙනි. ඔවුන් මේ වන විට ධීවර බෝට්ටු මුහුදට යාම තහනම් කර ඇති අතර ගාසා තීරයේ එක් වාණිජ හරස් මාර්ගයක් හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ එහා මෙහා ගෙන යාම සඳහා පමණක් අවසර දී තිබේ. ඉන්ධන බෙදා හැරීමක් නොමැති බැවින් ගාසා තීරයේ එකම විදුලි බලාගාරය සතියක පමණ සිට වසා දමා ඇත. අදාළ භූමියේ ජනගහණය මිලියන 1.9ක් වන අතර දිනකට පැය හතරක් පමණක් ඔවුනට විදුලිය සපයනු ලැබේ. එනම්, සාමාන්‍ය විදුලිය සැපයුම පැය අටකටත් වඩා අඩු කර තිබේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහ සිකුරාදා අලුයම ගාසා තීරයෙන් වෙඩි තබනු ලැබූ රොකට් සංඛ්‍යාව ගැටුම ආරම්භ වී පැය 24ක් තුළ විනාශ කරන ලද විශාලතම රොකට් ගණන වේ. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව (අයි.ඩී.එෆ්.) පැවසුවේ යානා 12න් 9ක් ම නැවැත්වීමට තමන් සමත් වූ බවයි. ඊශ්‍රායල මාධ්‍ය හදිසි සේවාව කියා සිටියේ පුපුරා නොගිය රොකට්ටුවකින් “ස්ඩෙරොට්” ප්‍රදේශයේ නිවසකට ද අලාභහානි සිදුවී ඇති බව යි.

ගාසා තීරයේ රොකට් පතොරම් නිෂ්පාදනය කරන ස්ථානයකට සහ භූගත ත්‍රස්ත යටිතල පහසුකම් සඳහා භාවිත කරන ස්ථානයකට ද තමන් පහර දුන් බව අයි.ඩී.එෆ්. පැවසීය. එහෙත් හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ කිසිදු හානියක් වාර්තා කර නැත.

හමාස් සංවිධානයේ කොටසක් වන ගාසා තීරයේ සන්නද්ධ පලස්තීන කන්ඩායම් කිහිපයක් රොකට් සම්බන්ධයෙන් වගකීම භාර ගත් අතර, ඔවුන් කියා සිටියේ පලස්තීන ජනතාවට එරෙහි ව කෙරෙන ඕනෑම ප්‍රහාරයකට අප්‍රමාද ව ප්‍රතිචාර දක්වන බවයි. හමාස් ප්‍රකාශක “ෆවුසි බාර්හූම්” කියා සිටියේ, බෝම්බ හෙලීම් සහ අවහිර කිරීම් දිගටම පැවතුනහොත්, සතුරා සමඟ සටනක් කිරීමට වුව ද තම කණ්ඩායම පසුබට නොවන බවයි.

මෙම සිදුවීම් මාලාව යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ ඊජිප්තු මැදිහත්කරුවන් ගාසා සහ ඊශ්‍රායලයේ සාකච්ඡා පවත්වා තිබේ. විශ්ලේෂකයින් පවසන්නේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ අවහිර කිරීම ලිහිල් කිරීමට පමණක් නොව කටාර් රාජ්‍යයෙන් වැඩි මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහාත් ඊශ්‍රායලයට බලපෑම් කිරීමට උත්සාහ කරන බවයි.