ඇතැම් අය සාස්තරකාරියක් ලෙස මෙන්ම තවත් පිරිසක් දේවගැතිවරියක් ලෙස ද හදුන්වාදෙන අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව පිලිබඳ මේ වන විට සමජයේ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
පාර්ලිමේන්තුව තුලද මේ පිලිබඳ පක්ෂ විපක්ෂ අදහස් පල වීමට පටන් ගෙන තිබෙනවා.
මීට ආසන්නතම සිදුවීම වුයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රභලයින් ඥාණක්කා බැහැ දැකීමට නිතර අනුරාධපුරයට යන බව පවසමින් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සහ ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ලබාදුන් පිළිතුරයි.
ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙහිදී ඥාණක්කාගේ පිහිට පැතීමට දේශපාලකයන් සම්බන්ධ වීමේ ඉතිහාසයද පෙන්වා දුන්නා.
ඔහු සදහන් කරන්නේ මෑණියන් බැහැදැකීමට මුලින්ම ගියේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් නොව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග මහතා බවයි.
මීට අමතරව හේමා ප්‍රේමදාස, පී හැරිසන් , අකිල විරාජ් කාරියවසම් , තලතා අතුකෝරළ, කිංග්ස් නෙල්සන් ඇතුළු පිරිසක් මෙන්ම අපහාස උපහාස සිදුකරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මෑණියන් බැහැදැකීමට ගොස් ඇති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.
වැඩි දුරටත් අදහස් දක්වන ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කල යුතු යයි කියන අතර වාරයේ තවත් විශ්වාසයන්ට අපහාස උපහාස කරන පුද්ගලයන් බලාපොරොත්තු වෙන්නේ එක විශ්වාසයක් , එක ඇදහිල්ලක් පමණක් ලෝකයේ පවතිනු දකීමට දැයි ප්‍රශ්න කරනවා.
ඔහු මතු කරන්නේ ඕනෑම විශ්වාසයක් පිළිගැනීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙය යන්නයි.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි