Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෝටි 100ත් ගාණක් ද? – අජේ දේව්ගන්

බොලිවුඩයේ සිංහයා ඔහු යි. වසර ගණනාවක සිට හින්දි සිනමාවේ රැඳුණු රාජු චාචාගේ ජනප‍්‍රියත්වය අදටත් එසේ ම ය. ඔහු අජේ දේව්ගන්.

මොකක්ද ඔයාගේ උපන් නම?
විශාල් වීරු දේවගන්

කොහොමද තන්හාජි චිත‍්‍රපටයට ලැබුණු ප‍්‍රතිචාර?
ඉතා හොඳයි. සමහරු ඇහුවා මං ඒකේ රඟපාද්දී බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඇඟ හදා ගත්තා ද? කියලා. ඒත් එහෙම කිසි දෙයක් වුණේ නැහැ. ඒ මගේ ස්වාභාවික ශරීරය ම තමයි. චුට්ටක් විතර බර වැඩි කර ගත්තා. එච්චරයි.

හුඟ කාලෙකට පස්සේ නේද සායිෆ් අලි ඛාන් එක්ක වැඩ කරන්න හම්බ වුණේ?
ඇත්ත. අපි දෙන්නා හොඳ යහළුවෝ. එත් වැඩිය එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. මමයි අලියි කොයි තරම් එකමුතු වෙලා වැඩ කරනවාද කියනවා නම්, එයා ඉන්නකොට මට කොයි වෙලාවක වත් දැනෙන්නේ නැහැ අපි මේ ෆිල්ම් එකක් කරන්නේ කියලා.

ඒත් තන්හාජිට වැඩිය බෝල් බච්චන් වගේ චිත්‍රපට සම්පූර්ණයෙන් වෙනස් වුණා නේ?
ඒක ඉතින් එහෙම තමයි. චිත‍්‍රපට දෙකක් කොහොමද එක වගේ වෙන්නේ? තන්හාජි කියන්නේ ගහ ගන්න, මිනී මරන චිත‍්‍රපටියක්. බෝල් බච්චන් එහෙමද? ඒකේ පිරිලා තියෙන්නේ විනෝදය.

අපට හිතෙන්නේ ඔයා පහුගිය දවස්වල රෝහිත් ශෙට්ටි එක්ක එකතු වෙලා බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළන අලූත් ම ක‍්‍රම ගැන පර්යේෂණයක් කළා කියලා?
අනේ මන්දා… එහෙම එකක් තේරුණා ද? ඒ කියන්නේ පේ‍්‍රක්ෂකයන්ට අපි දෙන්නා එකතු වෙලා කරන චිත‍්‍රපට හොඳට දැනෙනවා කියන එක, මං හිතන්නේ. රෝහිත් කියන්නේ හැම තිස්සේ ම තමන්ගේ පේ‍්‍රක්ෂකයින් සතුටට පත් කරන්න උත්සහ කරන කෙනෙක්. එයාගේ අරමුණ හැමෝට ම පැහැදිලි යි. රෝහිත් කීයටවත් සම්භාව්‍යය චිත‍්‍රපට පැත්තට යොමු වෙන්නේ නැති බව නම් මට විශ්වාසයි. ඒ අංශය එයාට ගැලපෙන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ නිර්මාණකරුවෙකුට මං වගේ දක්ෂයෙකුත් එකතු වුණා ම, ඒ චිත‍්‍රපට නිකම්ම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළන එක අහන්නත් දෙයක් ද? (සිනා)

ඒ වුණාට දැන් රෝහිත් ශාරුක් ඛාන් යොදාගෙන චිත‍්‍රපට හදන්න පටන් අරගෙන නේ. මොකද, දෙන්නා අතරේ විරසකයක් වත් වුණා ද?
අපෝ නැහැ. ඇයි එහෙම හිතුවේ? මම සමහර වෙලාවට වෙනත් අධ්‍යක්ෂවරු එක්කත් චිත‍්‍රපට කරන්න කැමතියි. මේ දවස්වල මං සූර්යවංශී කියලා චිත‍්‍රපටියක රූගත කිරීම් කරනවා. හැරත්, රෝහිත් ශාරුක් එක්ක වැඩ කළා කියලා මක් වෙනවද? ඒ වැඬේ ඉවර වුණා ම අපි ආයෙත් සම්බන්ධ වෙනවා නේ.

ඇත්තද සමහර නළු නිළියෝ චිත‍්‍රපටවල රඟපාන්න රුපියල් කෝටි 100ක් විතර අය කරනවා කියන්නේ?
ඇත්ත. චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වෙනකල් ගියොත් ලැබෙන්න තියෙන මුදලත් එකක් බලද්දී ඒක ඒ තරම් හිතට ගන්න ඕනේ ගණනක් නෙවෙයි. ඕක මොකක්ද, තව ටික දවසක් යනකොට කෝටි 100, නිකම්ම කෝටි 150 වෙයි, ඊට පස්සේ 200 වෙයි. බලන්නකෝ බොරු ද කියලා.

ඔයාත් චිත‍්‍රපටයකට අත්සන් කරන්නේ ඒක බොක්ස් ඔෆිස් වෙනකල් යයි ද නැද්ද කියලා හිතලා බලලා ද?
ඔව්. මොකක්ද ඒකේ ඇති වැරැද්ද? මට හිතුණොත් ෆිල්ම් එක පේ‍්‍රක්ෂකයින් අතරට යන එකක් නැහැ කියලා, මං කීයටවත් ඒ චිත‍්‍රපටියට අත්සන් කරන්නේ නැහැ. හොඳයි කියන්න බලන්න, අපි චිත‍්‍රපටි හදන්නේ කාට ද? පේ‍්‍රක්ෂකයින්ට නේ. එහෙම නම් පේ‍්‍රක්ෂකයින් අකැමැති චිත‍්‍රපට මොකට හදනවද? අපරාදේ සල්ලි.

එතකොට ඔයා කැමැති මොන වගේ චිත‍්‍රපටි බලන්න ද?
ම්… මං වාණිජ චිත‍්‍රපටවලටයි කැමැති. හුඟක් විනෝද වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

රාස්කල්ස් සහ තේස් කියන චිත‍්‍රපට දෙක රඟපාන්න භාර ගත්තේ ඇයි?
රාස්කල්ස් භාර ගත්තේ නම් යහළුකම නිසා. මට බැරි වුණා දාවිඞ් ධාවන්ට බැහැ යි කියන්න. ඒත් චිත‍්‍රපටය කෙරීගෙන යද්දී නම් මට විතරක් නෙවෙයි, සංජේ දත්ටත් හිතුණා අපරාදේ මේක භාර ගත්තේ කියලා. තේස් ගැන කියනවා නම්, අපි ඒක කළේ දැනට අවුරුදු 9කට විතර ඉස්සර වෙලා. ඒ කාලේ පේ‍්‍රක්ෂකයින්ගේ හැඟීම් ස්වභාව අනුව තමයි චිත‍්‍රපටිය හැදුවේ. ඒත් අපට ඒ දවස්වල ම ඒක සිනමා ශාලාවට අරන් එන්න බැරි වුණා. දර්ශනය වෙන කාලේ වෙද්දී මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් වෙලා. ඒ නිසා චිත‍්‍රපටිය අසාර්ථකයි. කරන්න දෙයක් නැහැ.

කොහොමද නයිසා දුව? එයත් ඔයා එක්ක රූගත කිරීම් කෙරෙන තැන්වලට යන්න කැමති ද?
ඔව්. දුව හැම තිස්සේ ම වගේ මාත් එක්ක ඉන්නවා. ඇයි බෝල් බච්චන් එකෙත් පුංචි කෑල්ලක හිටියා නේ. ඒත් ඉගෙනීමේ කටයුතු පාඩු නොවෙනවා නම් විතරයි මං එයාව එක්කගෙන යන්නේ. දැන් දුවට අවුරුදු 17ක් නේ. පොඩි පුතා, යුග් ට නම් තවම අවුරුදු 10 යි.

ඔයාට යුග් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය නම් හුඟක් අඩු ඇති නේද?
ඇත්ත. සමහර අවුරුදුවල මං හුඟාක් කාර්යය බහුලයි. ඒත් පහුගිය මාස තුන හතරේ නම් මට වැඩිය වැඩ තිබුණේ නැහැ. ඒ නිසා පුතයි දුවයි කාජලූයි එක්ක එහෙ මෙහෙ ගියා.

ළමයි දෙන්නා එක්ක ඉන්නකොට දැනෙන්නේ මොන වගේ හැඟීමක් ද?
හරි අපූරු හැඟීමක්. එයාලා එක්ක ඉන්නකොට මට මං ගැන වත් මතක නැහැ. විශ්වාස කරන්න, මමත් තාත්තා කෙනෙක් වුණාට පස්සේ තමයි තේරුම් ගත්තේ අපේ දෙමව්පියෝ අපි නිසා වින්ද දුක විතරක් නෙවෙයි. සතුට ගැනත්.

About The Author