2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉඩමක් ඈවරයි දෑවරයි ?

කොළඹ විශ්ව විද්‍යාල අයත් මුත්තයියා කාන්තා නේවාසිකාගාරය  නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන විකිණීමට සූදානම් වන බවට  කොළඹ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු රෝහණ  ගලබඩ මහතා පෙන්වා දෙන්නේ  නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් යැයි පවසමින් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සඳහා  මෙම ඉඩම  පවරා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි. 

මෙය නගරික සංවර්ධන අධිකාරිය මුවාවෙන්  චීනයට  ඇමෙරිකාවට සහ ඉන්දියාවට  මෙරට ඉඩම් විකුණා දැමීමේ සෙල්ලමක් බව ද  ඔහු පෙන්වා දෙනවා.

අදාල වීඩියෝව පහළින්..