Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ වාරයේ නැගෙනහිර ජැටියෙන් 49% ඉන්දියාවේ “අදානි” සමාගමට – ජනාධිපතිවරයා නිල වශයෙන්ම දැනුම් දෙයි

පසුගිය රජය සමයේ කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එලෙස විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් එම ගිවිසුමට ඇතුලත් තිබු බව පවසන ජනාධිපතිවරයා ගීවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට හැකි වූ බව පෙන්වා දුන්නා.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනධිපතිවරයා මෙම අදහස් පල කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරනවා,

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද අවධාරණය කර ඇති බව සඳහන්.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි සදහන් කල ජනාධිපතිවරයා ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු බව එතුන්මන්ගේ නිල Face Book පිටුවෙහි සදහන් කර තිබෙනවා.

කොළඹ වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අදහස් පල කර ඇති බැසිල් රාජපක්ෂ මහතා නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව සදහන් කර තිබෙන බවයි ජනාධිපතිවරයාගේ නිල Face Book පිටුවෙහි සදහන් කර තිබෙන්නේ.

පසුගිය රජය විසින් මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටි බවද එම වාතාවෙහි සදහන්.

About The Author