Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ නගරයේ ජනතාවට පහසුකම් සලසන්නට මධ්‍යම රජය වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් නෑ – රෝසි සේනානායක

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් කොළඹ මහනගර සභා සීමාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත්වන පවුල් වලින් තුනෙන් එකක් මේ වන විට නිරෝධායනයට හෝ හුදකලා කරන ලද ප්‍රදේශ වල සිරවී ඇති බව කොළඹ මහනගර සභාවේ පුරපති රෝසි සේනානායක මහ්තමිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ඉන් බොහෝ දෙනෙකු වතු සහ මහල් නිවාස ආශ්‍රිතව දිවිගෙවන දුප්පත් ජනතාව බවයි.

මේ වන විට ඔවුන්ට අවශ්‍ය නියැලී අහර සහ අනෙකුත් පහසුකම් ලබාදීම සදහා මධ්‍යම රජය මගින් වෙන් කොට ඇති මුදල කිසි සේත් ප්‍රමාණවත් නොවන බවද ඇය පෙන්වා දෙනවා.

මේ වන විටත් කොළඹ මහනගර සභාව මැදිහත් වී වියලි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති බවද සදහන් කරන රෝසි සේනානායක මත්මිය විශේෂයෙන්ම සිරවී සිටින ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට පිළිබද තව දුරටත් ප්‍රමුඛ අවදානය යොමු කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලලා සිටිනවා.

ඇය සදහන් කරන්නේ විශේෂයෙන්ම ගැබිණි මව්වරුන් සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබද සොයා බැලිය යුතු බවයි.

පසුගිය රජය සමයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් ලබාදුන් රුපියල් විසිදහසක පෝෂණ මල්ල පවා වත්මන් රජය විසින් කපා හැර ඇති බවත් හැකි ඉක්මනින් නැවත එම පෝෂණ මල්ල ගැබිණියන් වෙත ලබා දීමට පියවර ගන්න ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළා.

About The Author