ශ්‍රී ලංකාව මේ දක්වා එන්නත්කරණ වැඩ පිළිවෙල සඳහා අවශ්‍ය පරිදි සුදානම්ව නොමැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පෙන්වා දෙනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, රජය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා බැහැර කරමින් කටයුතු කරමින් සිටින බවයි.
ආසියානු කලාපයේ සෙසු රටවල් සියල්ලටම පහේ ඉන්දියානු කොවිඩ් එන්නත කොටස් වශයෙන් ලබා දී ඇති නමුත් මේ දක්වා මෙරට රජයේ නිසි මදිඅහත් වීමක් නොමැති වීම හේතුවෙන් එම එන්නත ගෙන්වා ගනේමට නොහැකි වී ඇති බවද ඔහු පවසනවා.
කෙසේ වෙතත් එම සියලු අවස්ථා මගහරිමින් කටයුතු කරන ආණ්ඩුව විසින්, ලෝක සෞඛ්‍ය සංවිධනය පවා මෙතෙක් අනුමත කර නොමැති රුසියානු එන්නත ගෙන්වා ගැනීම සඳහා සුදානම් වන බවට චෝදනාවක්ද ඔහු එල්ල කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ යම් ව්‍යාපාරික ලාභ ඉපයීමේ කටයුත්තක් මේ පිටුපස පැවතිය හැකි බවයි.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි