Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොලේ වසා රටට ඇතුලට ගන්න හැදු මත්පෙති 18 000 ක් සොයාගැනේ

දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

18,000කින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ඇති අතර කිලෝ 09ක බරකින් යුක්තයි.

මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13.5ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

“එක්ස්ටසි” වර්ගයේ මත්පෙති තොගයක් බවටයි මෙය හඳුනාගෙන ඇත්තේ.

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී තිබෙනවා.

මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබෙනවා.

සත්ව ආහාර ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට එවා තිබෙන අතර හපුතලේ ප්‍රදේශයේ ලිපිනයකට අදාළ මත්පෙති තොගය ලැබී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

About The Author