කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට අද (06) අලුයම විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් කළ මගීන් 05 දෙනෙකුට දිවි අහිමි විය.
මෙම සිද්ධියෙන් මියගිය අය සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි මුදල් ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් මහතා ප්‍රකාශ කළේය.
තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් යන මහත්වරුන් පැමිණ තිබුණි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට