කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කර තිබෙනවා.
කොරෝනා අසාදනය වීමෙන් පසු ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
ඔහු දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි බවද වාර්තා වුවත් ඔහු අසාධ්‍ය තත්වයට පත්ව තිබෙන්නේ කොරෝනා හේතුවෙන් හටගත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වීම නිසයි.
අනතුරුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබෙන්නේද එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල වන නිසා බවද සඳහන්.
මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා.
කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි