Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා මිනී වැළලීමේ කතාවෙනුත් මේ ආණ්ඩුව රටේ සිංහල බෞද්ධ බහුතරය ඇන්දුවා – සමන් රත්නප්‍රිය

කොරෝනා වලින් මියගිය ජනතවගේ දේහයන් ආදාහනය කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඒ අද උදැසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවක දී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මුස්ලිම් ජනතාවගේ මල සිරුරු භූමදානය කිරීම සදහා පසුගිය මාර්තු මාසයේ සූදානම් වූ විට ඊට එරෙහි බව පවසමින් රජය කටයුතු කරනු ලැබුවේ නැවත වතාවක් රට තුල සිංහල බෞද්ධ බහුතර ජනතාව රැවටවීමට බවට සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරනවා.

දැන් සියල්ල අවසන් වී බලය තහවුරු කරගත් විට හදිසියේ ජාත්‍යන්තර නීතීන්ට ගරු කරමින් මල සිරුරු භුමදනයට අවසර ලබා දෙන බවට රජය පවසන බවයි රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙත්තත් සියල්ල තීරණය කල යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බවද ඔහු සදහන් කළා.

එමෙන්ම මහජන සෞඛ්‍ය පිළිබද කිසිදු අවබෝධයකින් තොරව යුදහමුදාපතිවරයා ඇතුළු ඇතැම් පාර්ශව පරස්පර විරෝධී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ජන ජීවිතය වඩාත් අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

අදාල වීඩියෝව පහළින්…

About The Author