කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙරට ප්‍රභූ පවුල් වල කිහිපදෙනකු සදහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකටම ඩොලර් 140 බැගින් වැයකර මෙම එන්නත ප‍්‍රභූ පවුල් කිහිපයක් පමණක් විද නැතැයි ද ඔහු පැවසීය.
ජනතාවට මිථ්‍යාව පෙන්වමින් ගංගාවලට කලගෙඩි අතහරිමින් සිටියදී ප්‍රභූ පවුල්වල සාමාජිකයන් චීනයෙන් ගෙනැවිත් මෙම එන්නත විදගන්නා බවද ඔහු කීය.
කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු එන්නතක් විදගැනීම ගැන ප්‍රශ්නයක් නැති බවත් ජනතාවට අවශ්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මාධ්‍ය ආයතනයක් හිමි ව්‍යාපාර ජාලයක් තවත් ජාවාරමක් පිටුපස.
කොරෝනා ආසාධිත රෝගීන් හදුනාගැනීම සදහා අහඹු පරීක්ෂණ කට්ටල ( Rapid Test Kit ) ලක්ෂ 10 ගෙන්වීමට අදාල ව පුද්ගලික ආයතනයකට අවසර ලබා දීම හරහා විශාල වංචාවකට සහ මුදල් නාස්තියකට රජය සූදානම් වන බවටද ඔහු මෙහිදී චෝදනා කර සිටියා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින්.
අදාල වීඩියෝව පහලින්
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක