කොරෝනා වසංගතය මේ දක්වා සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිදු කරන PCR පරීක්ෂණවලින් 3.5%ත් 4%ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවයි.
එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් කොරෝනා සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි.
එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු සදහන් කළා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක