කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීමත්, එම ගැටලු උදෙසා පිළිබඳව අදාල බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් යන අරමුණු ඇතිව සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ‘විශේෂ මෙහෙයුම් මැදිරියක්’ ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.
මෙම මෙහෙයුම් මැදිරිය අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිය
මෙම කාර්යාලයේ කටයුතු ආරම්භ කරන අවස්ථවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාද එක්ව සිටිනු දක්නට ලැබුණා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි