සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇති බව වර්තාවනවා.
මෙරට තුල කොරෝනා වසංගතය පාලනය කිරීමට මෙන්ම සිය අමාත්‍ය ධුරයේ වගකීම් නිසි පරිදි ඉටුකිරීමට අපොහොසත් වීම යන කරුණු පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට තීරණය කල බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වනවිටත් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා අවසන් බවත් විපක්ෂයේ අනෙකුත් පාර්ශව වල ද සහයද ලබා ගනිමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවද අත්තනායක මහතා වැඩිදුරටත් සදහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට