කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28 වැනිදා) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කළේ රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය.
පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28වැනිදා) පෙරවරුවේය.
අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කරන ලදී. කෙසේ වෙතත් ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට කොවිඩ් වැලඳී නැති බවද තහවුරු වී ඇත.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්