බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.
වෛරසය ආසාදනය වූ අදාළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව සීයයට 50 ක වේගයෙන් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි වෛරස විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි