Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාවෙන් වරාය කටයුතු අඩාල වන ලකුණු , අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකුත් අත ළඟ

මේ වන විට කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් කොළඹ වරයා තුල මතුව ඇති සේවක හිගය හේතුවෙන් වරයා කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා.

ඊට හේතුව වී තිබෙන්නේ සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහුවුරු වීමත් සමග ඔවුගේ ආශ්‍රිතයන් ලෙස සිටි සේවකයින් රැසක් නිරෝධායනයට ලක් වීමයි.

මේ හේතුවෙන් දැඩි සේවක හිගයක් මතුව ඇති අතර නෞකාවලින් භාණ්ඩ ගොඩ බෑමේ සහ පැටවීමේ කටයුතු වලට ද ඉන් දැඩි බලපෑම් එල්ල වෙලා.

වරාය මෙහෙයුම් කටයුතුවල දී ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන ග‍්‍රැන්ටි දොඹකර ක්‍රියාකරුවන් කිහිපදෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ වරායට පැමිණි නෞකා 15කට වැඩි ප්‍රමාණයක් පමණ දින දෙක තුනක සිට වරායෙන් පිටත නැංගුරම්ලා තිබේ.

යම් හෙයකින් මෙම ප්‍රමාදය දිගටම පැවතිය හොත් අදාළ නෞකා කොළඹ වරායට නොපැමිණ යළි තම ගමනාන්ත කරා ගමන් අරඹනු ඇති.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකුත් අත ළඟ

මෙම තත්වය දිගින් දිගටම පැවතිය හොත් මෙරට ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙයට හේතුව වී තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි නෞකා කිහිපයක්ද මෙලෙස වරායෙන් පිටත නැවතා තැබීමට සිදු වීමයි.

පවතින තත්වයට මුහුණ දීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

පවතින තත්ත්වය තුළ වරාය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පෙරේදා වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

එහිදී පැය 24 පුරා ක්‍රියාත්මක කාර්ය සාධක බළකායක් පිහිටුවීම, සේවක දිරි දීමනාවක් ලබා දීම, සේවා මුරවල යෙදෙන සේවකයන්ට ආහාර පාන සහ නේවාසික පහසුකම් වරාය පරිශ්‍රය තුළම ලබාදීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන ඇති බවයි වාර්තාවන්නේ. 

About The Author