Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාවට රු මිලියන 70 000 ක් වියදම් වුණා. ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 4.6 යි

කොරෝනා වෛරසය කළමනාකරණයට අදාළව රෝගීන් හඳුනාගැනීම, නිරෝධායනය නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුභසාධන කටයුතු සඳහා මේ වන විට රජය වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දැනට රුපියල් මිලියන 70,000 පමණ වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙලිකළා.

ඒ 2021 අයවැය වෙනුවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ අවස්ථාවට එක්වෙමින්.

ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා වසංගත උවදුරෙන් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යත්තර මූල්‍ය අරමුදල (IMF) මෑතකදී නිකුත් කර ඇති (World Economic Outlook 20th October 2020) පුරෝකථන මගින් පෙන්වා දී ඇති පැවසු රාජපක්ෂ මහතා, මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතරයි දශම හයක (4.6) ඍණ අගයක් ගනු ලබන බවද සදහන් කළා.