Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාට බයේ කරන බොරු වැඩ.

1.රටවල් සෑහෙන්න ප්‍රමාණයක මිනිස්සු මේ වෙනකොට කොරෝනා වෛරසය හින්දා මැරිලා. ඒත් උතුරු කොරියාවේ රජය නම් හැසිරෙන්නේ නිකං, එයාලා කීයටවත් කොරෝනාට බය නෑ වගේ. හැබැයි ටිකක් හොයලා බැලුවාම උතුරු කොරියාවේ විතරක් නෙවෙයි, අනිත් කට්ටියත් මේ ලෙඩෙන් බේරෙන්න මහ අමුතු ක්‍රම අත්හදා බලනවා. ඒ වගේ ම මිනිස්සුන්ගේ හිත්වල වැඩි හරියක් තියන්නේ බොරු මනස්ගාත.

උතුරු කොරියාව ගැන කිව්වොත්, දැනටමත් එහෙට සංචාරකයින්ට යන්න බැහැ. ඒ කිව්වේ හොරෙන්වත් බෑ. මොකද එයාලගේ දේශසීමා බොහොම තදබල විදිහට හිර කරලා තියෙන්නේ. ඒක ඉතින් සාමාන්‍ය උපක්‍රමයක් නෙ. 

ඒ වුණාට මේ වෙද්දී එහෙ “ප්යොංයැං” නගරයේ ඉන්න හැමෝටම උපදෙස් ලැබිලා තියෙන්නේ කොරෝනා නෙවෙයි, නිකං හාට් ඇටෑක් එකක් හැදිලා මළත් කමක් නෑ, මිනිය පුච්චලා දාන්න කියලා. ඇත්ත නේ ඉතින්. කවුද දන්නේ? විෂබීජේ ඇඟේ තිබුණොත් එහෙම. ගොඩක් රත් වුණා ම වෛරසය මැරිලා යන නිසා ලු එහෙම කරන්න කිව්වේ. 

හැබැයි එහෙ ඉන්න මිනිස්සු නම් ඒ වැඩේට එච්චර කැමති නෑ වගේ. කොරියානුවන් කියන්නේ කොන්ෆියුසියස් ධර්මයට අනුව බොහොම බැරෑරුම් විදිහට අවමංගල්‍ය චාරිත්‍ර ඉෂ්ට කරන අය නේ. ඒ නිසා එයාලා කියන්නේ මේ විදිහට හදිසියේම පුච්චලා දාන වැඩෙන් අවමංගල්‍ය චාරිත්‍ර සම්පූර්ණ කරන්න වෙලාවක්වත් නිදහසක්වත් ලැබෙන්නේ නැහැ කියලා. ඒකත් හරි තමා ඉතින්. තමන්ගේ කවුරුහරි මැරුණා ම දුක උහුලගන්න වෙනවා මදිවට චාරිත්‍ර කර ගන්නත් බැරි වුණා ම කොච්චර හිත රිදෙනවාද…

ඒ විතරක් යැ… රටේ හැම තැන ම ඔය වැඩේ කරන්න තැන් හදලා නෑ . ඒ වගේ ම, මිනියක් පුච්චනවා නම් රජයට බද්දක් ගෙවන්නත් ඕනෙ. මේ තියන ප්‍රශ්න මදිවට ඕවත් ඔළුවේ පිරුණා ම ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට තමා පිස්සු හැදෙන්නේ.

ඒත් රටේ ජනතාව මොනවා හිතුවත් රජයට නම් ඒවායින් වැඩක් නෑ. එයාලා බලන්නේ ලෙඩේ පැතිරෙන එක නවත්ත ගන්න විතරයි නෙ. චාරිත්‍ර නම් කොහොම කර ගන්න බැරිද, දැන් ඉතින් මැරුණු කෙනා කොහොමත් ආයෙ එන්නෙ නෑ නෙ කියලා මධ්‍යම රජය රටේ හැම පළාතකට ම වගේ මේ හදිසි ආදාහන නීතිය දාන්න ලු ලැහැස්තිය.

2.සමහර රටවල්වල “බර්ඩොක්” කියලා කටු තියෙන මල් ගහක් වැවෙනවා. ඒක වල් පැළයක් විදිහට තමා හඳුනගෙන තියෙන්නේ. මේ වෙද්දී මිනිස්සු අතර මතයක් පැතිරිලා තියෙනවා මේ වල් පැළෑටියට පුළුවන් කියලා කොරෝනා වෛරසය මරලා දාන්න. ඒකේ ඇත්ත නැත්ත තාම කාටවත් ඔප්පු වෙලා නෑ. 

හැබැයි කොරියාව වගේ සමහර රටවල්වල නම් රජයෙන් පවා උපදෙස් ලැබෙනවා ලු බර්ඩොක් පාවිච්චි කරන්න කියලා. කෙටියෙන් කියනවා නම්, එයාලා බර්ඩොක් පැළයේ බලපුළුවන්කාරකම් ගැන කියලා නිළ වෙබ් අඩවියකුත් හදලා ලු. මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඕකට තමයි…

3. කොරියාව ඔය විදිහට බය වුණාට මොකද, අනිත් රටවල්වල මිනිස්සුගේ හිත්වලත් බොරු මත පැතිරිලා තියෙනවා. ඒ අයගෙන් සමහරු හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ තියෙන බලවත් ම වෛරසය කොරෝනා කියලා. කොරෝනා මේ දවස්වල පැතිරීගෙන යන නිසා බය හිතෙන බව ඇත්ත. ඒත් අපි එච්චර නොහිතුවාට “ඒඩ්ස්” කියන්නේ මේකටත් වඩා භයානක එකක් කියලා තමයි දොස්තරලා නම් කියන්නේ.

4.අපේ අයත් රුපියල් දහයට පහළොවට තිබුණු ෆේස් මාස්ක් (මුහුණු ආවරණ) සීයට දෙසීයට විකුණලා පොහොසත් වෙන්න හැදුවේ, හැමෝම කොරෝනාවලට බයේ මාස්ක් දාන්න පටන් ගත්ත නිසා නෙ. හැබැයි ඇත්තට ම ඔය මාස්ක් එකට කරන්න පුළුවන් දෙයක් නෑ. 

අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මාස්ක් එක කීයක් දීලා ගත්තත් වැඩක් නෑ. අර සුදු පාට ලොකු මාස්ක් එක තියෙනවා නේ. ඒකෙන් විතරයි ටිකක් හරි වෛරස් එක ඇඟට එන එක නවත්තන්න පුළුවන්. ඒකත් සීයට අනූ පහක ප්‍රතිශතයක් විතරයි.

5.අනික කොරෝනා හැදෙන හැම කෙනා ම මැරෙන්නේ නෑ. මැරෙන්නේ ඒක දරා ගන්න ම බැරි සීයට දෙකක විතර ප්‍රතිශතයක් විතරයි. එහෙම බරපතල තත්ත්වයෙන් ඉන්න හැමෝම වගේ මේ වෙනකොට ඉන්නේ ඉස්පිරිතාලවල. ඒ නිසා වෛරසය පැතිරෙන එක වළක්වන එක හැරෙන්න, බොරුවට බය වෙලා වැඩක් වෙන්නේ නෑ.

6.හොඳට මතක තියා ගන්න ඕනෙ, කොරෝනා වගේ එකක් බඩ පැලෙන්න කාලා, පැරසිටමෝල් දෙකක් බීලා නිදා ගත්තා කියලා හොඳ වෙන්නේ නැති බව. අපේ සමහර උදවිය කියනවා නේ “අපි නම් ලෙඩවලට බය නෑ, ඔහොම දඟලන්න ඕනෙ නෑ, ලෙඩ ගැන හිතලා විවේක ගන්නේ කම්මැළිකමට” කියලා. මේක වෛරසයක් මිසක බැක්ටීරියාවක් නෙවෙයි. ඒ නිසා අදාළ බෙහෙත් ගන්න ම ඕනෙ. ඒ වගේ ම කියන හැටියට විවේක ගන්නත් ඕනෙමයි.

7.පහුගිය ටිකේ අපේ කට්ටියත් චීන මිනිස්සු දැක්කා ම පණ එපා කියලා දුවන්න තියා ගත්තා නේ. හැබැයි දැන් තේරෙනවා නේද මේක මේ චීනෙට විතරක් බලපාන දෙයක් නෙවෙයි කියලා. දැන් මුළු ලෝකයට ම කොරෝනා. ඒ වගේ ම හැම රටට ම ඒක ගිහින් තියෙන්නේ චීන ජාතිකයින්ගෙන් නෙවෙයි. කොරෝනා කියන්නෙත් උණ හැදෙනවා වගේ තමයි. ඕන කෙනෙකුගෙන් ඕන ම කෙනෙකුට බෝ වෙන්න පුළුවන්.

8.සමහර රටවල්වල මිනිස්සු ගෙදර ඇති කරපු සුරතල් සත්තු ටිකත් එළවලා දැම්මා ලු, උන්ගෙන් කොරෝනා බෝ වෙයි කියලා. එහෙම කිසි ම දෙයක් නැහැ. මේක මහාමාරිය, ජලභීතිකාව වගේ ලෙඩක් නෙවෙයි. ඒ නිසා කවුරුත් කියන දේවල්වලට රැවටිලා ගෙදර වැතිරිලා ඉන්න අහිංසකයා එළියට දාන්න එපා.

About The Author