තමන් කිසි විටක දේශපාලන කුණාටු වලට බිය නොවන බවත්, දේශපාලයේ ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීම මෙන්ම, 2015 වසරේ ආණ්ඩු බලය අහිමි වීමද ඔහු හදුන්වා දුන්නේ දේශපාලන කුණාටු ලෙසයි.
ඇතැම් කුණාටු නොපැමිණිය හොත් ගොඩබිම් පවා සොයා ගැනීමට නොලැබෙන බවද ඔහු සඳහන් කළා.
එබැවින් කිසි ලෙසකින් කුණාටු වලට තමන් බිය නොවන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා සඳහන් කරන්නේ විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනට එරෙහි සියලු බලවේග ඒකරාශී කරගනිමින් පුළුල් විපක්ෂයක් නිර්මාණය කිරීමට පියවර ගන්න බවයි.
එවිට ආණ්ඩුවට හිතුමනාපේ කටයුතු කිරීමට නොහැකිවනු ඇති බවද හේෂා විතානගේ මහතා සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට