බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමත් සමඟ පසුගිය සතිය තුළ දී රැඳවියන් 3 දෙනෙකු මත්ද්‍රව්‍ය නොමැතිවීම නිසා සිය දිවි හානි කරගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කරනවා.
බන්ධනාගාර මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ ආරක්ෂිතව සඟවා තිබූ ජංගම දුරකථන 19ක් ද අද කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයා ගත් බවයි.
මේ අතර, කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට අද සිට ක්‍රියාත්මක බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරන්නේ.
දඹුල්ල, ඉනාමලුව පිහිටි යුද හමුදාවේ 53 වන සේනාංකයේ 25 වන සංවත්සර උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ.
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්