ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි.
ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
මෙම සැකකාර ගිලන් රථ රියදුරාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට