ආනයනය කරන ලද කිරිපිටි කිලෝ ලක්ෂ හතරක තොගයක් නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ හිරවී ඇත්තේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අකාරක්ෂමතාවය නිසා බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මෙම කිරිපිටි තොගය නිදහස් කිරීම සඳහා කිරිපිටි කිලෝවකට රුපියල් 800 බැගින් රුපියල් කෝටි 32ක දඩ මුදලක් ගෙවන ලෙස රේගුවෙන් දැනුම්දුන් බව ද වාර්තා වෙනවා.
කිරිපිටි සමාගම් දෙකක් මගින් ආනයනය කළ මෙම කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8000කි. කලට වෙලාවට කිරිපිටි තොගය නිදහස් නොකිරීම හේතුවෙන් කිරිපිටි කිලෝ ලක්ෂයක් පමණ කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව ද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කලහ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්