Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැබිනට් එකට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ

විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (1) පස්වරුවේ පැවසීය.

කැබිනට් මණ්ඩලය පසුගිය කාලය පුරා හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා රැසකට අනුමැතිය ලබා දුන්නද මහජන උපයෝගීතා කොමිසම එම යෝජනා ක්‍රියාත්මක නොකළ බවත් එම යෝජනා මෙන්ම මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවද ක්‍රියාත්මක නොකර සිටීමේ හැකියාව එම කොමිසමට ඇති බව ද සභාපතිවරයා කීය.

කැබිනට් පත්‍රිකාවමගින් ජනවාරි සහ ජූනි යන මාස වලදී විදුලි ගාස්තු ඉහල දැමීමට යෝජනා කිරීම පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්වය අනුව අප්‍රේල් සහ ඔක්තෝම්බර් යන මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම 2016 වසරේ යෝජනා කළ බවද සභාපතිවරයා කීය.

About The Author