Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැබිනට් ඇමති ධුර 29 ට නගී, සරත් වීරසේකරට සහ චමල් රාජපක්ෂට ඇමතිධුර

මහජන ආරක්ෂක කැබිනට් ආමාත්‍යවරයා වශයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් චමල් රාජපක්ෂ ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මීට පෙර රියර් අද්මිරාල් සරත් වීරසේකර කටයුතු කරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මෙම දිවුරුම්දීමත් සමඟ වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය පිහිටවනු ලැබූ අතර, මීට පෙර අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පවරා තිබෙනවා.

About The Author