Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැනඩාවේ විශාලතම නගරය වසා දැමේ.

කැනඩාවේ විශාලතම නගරය වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ. එහෙයින් ටොරොන්ටෝ නගරයේ සිල්ලර බඩු වෙළෙඳසලවල් අසල ජනතාව පෙළ ගැසී සිටිනු දක්නට ලැබිණි. එරට තුළ වසංගතය පැතිරුණු වූ දෙවන අවස්ථාව මෙයයි.

එළඹෙන සති හතර සඳහා නගරය අගුලු දැමීම සඳුදායින් ආරම්භ වේ. එම පියවර අනුගමනය කරනු ලබන්නේ නගරය තුළ වැඩි වෙමින් යන කෝවිඩ් -19 ගැටලුව මන්දගාමී වීම සඳහා ය. මෙම සති හතර තුළ දී පදිංචිකරුවන් නිවසේ රැඳී සිටීම අවශ්‍ය වන අතර ඔවුන්ගේ ම නිවෙස්වල සිටින අය සමඟ පමණක් ගනුදෙනු කළ යුතු ය. එනමුත් පාසල් විවෘත ව පවතිනු ඇත.

“එය අපට අභියෝගයකි. නමුත් එය සිදු කිරීම අපගේ සමාජීය වගකීමකි.” එක් වෙළඳසල් හිමියෙකු කියා සිටියේ ය.  “මම හිතන්නේ අපි මෙය පාලනය කර ගත යුතුයි. නමුත් තවත් අය පවසන්නේ මෙම කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ දෙනාට එය විශාල ගැටලුවක් වනු ඇති බවයි.”

සති කිහිපයක් ඇතුළත රට තුළ දෛනික ආසාදිතයින් දෙගුණයකට ආසන්න වී තිබෙන අතර, දැඩි සත්කාර ඒකකයන් ද පිරී තිබේ. 1,500කට අධික මරණ සංඛ්‍යාවක් දක්නට ලැබෙන හෙයින් නිළධාරීන් පවසන්නේ තත්ත්වය තව දුරටත් නරකට හැරීම වළක්වා ගැනීම සඳහා දැඩි අගුලු දැමීමක් සිදු කළ යුතු බව යි.

About The Author