මහා භද්‍ර කාලි දේවිය වෙනුවෙන් ඉදිකර ඇති මෙරට ප්‍රධානතම කෝවිල වන හලාවත – මුන්නේෂ්වරමේ පිහිටි සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා “පස් ලෝ’’ දේව ප්‍රතිමාවක් සොරකම් කර ඇති බව වාර්තවනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය සදහන් කරන අතර පසුගිය 29 වැනිදා අලුයම 1.30ට පමණ මෙම සොරකම සිදු වී ඇති බවටයි මේ වන විට හෙළිව තිබෙන්නේ.
දේවාලයේ භාරකරුවන් විසින්මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් පවතින බවද හෙළිව තිබෙනවා.
මෙම දේවාලයේ තැන්පත් කර තිබූ දේව ප්‍රතිමාවක් මීට පෙරද සොරකම් කරගෙන ගොස් තිබිණි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාව පුරා ජනතාව ආගම් භේදයකින් තොරව තමාට සිදුවන අසාධාරණයන්ට එරෙහිව පිහිට පැතීම සහ සොර සතුරන්ට දඩුවම් ලබා දීම සඳහා පැමිණෙන අනුහස් ඇති බව පැවසෙන දේවාලයක ප්‍රතිමාවක් හොරු විසින් රැගෙන යාම සහ දේවාලයේ පාලන අධිකාරියට ඒ සම්බන්ධයෙන් රටේ පවතින නීතියේම සහය පැතීමට සිදු වීමයි.
© ජූඩ් සමන්ත – පුත්තලම
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි