2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාන්තා අයිතීන් පිළිබඳ රට තුළ ඇති පසුගාමීත්වයට හොඳම නිදසුන බිම්ශානිගේ සිදුවීමයි – ශාන්තිනි කෝන්ගහගේ

කාන්තා අයිතීන් ගැන විශාල ලෙස කතා කරන ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දක්වන පසුගාමී බව සමාජය හමුවේ නිරාවරණය වූ හොදම අවස්ථාව නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ සිදුවීම බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා.

බිම්ශානි මහත්මියගේ සුදුසුකම් සහ පවරා ඇති නඩු කටයුත්තට අදාළ චෝදනා සම්බන්ධයෙන් තමා ප්‍රශ්න නොකරන බව පවසන කෝන්ගහගේ මහත්මිය සඳහන් කරන්නේ කාන්තවක් වීම හේතුවෙන් ඇයට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරක් දැරිය නොහැකිය යන කාරණාව සම්බන්ධයෙන් පමණක් තමා විරෝධතාවය පල කරන බවයි.

රට තුළ ඕනෑම තනතුරක් හෙබවීමට කාන්තාවන්ට ඇති අයිතිය පිළිගැනීම තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කළ යුතු බව ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පෙන්වා දෙනවා.

රටේ නීති සම්පාදනය වගකීම පැවරී ඇති ව්‍යවස්ථාදායකය මෙම සිදුවීමද පාදක කරගනිමින් වහා මැදිහත් වියයුතු බව සඳහන් කරන කෝන්ගහගේ මහත්මිය වර්තමාන රජය විසින් ගෙන එන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙතෙක් පැවති ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතන අකර්මන්‍ය කිරීම හේතුවෙන්ද අර්බුධ ගණනාවක් නිර්මාණය වී ඇති බවද පෙන්වා දුන්නා.

ඇය මේ අදහස් පල කළේ පසුගියදා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.