Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාදිනල් අපේ මහනායකද ,එයා සීමාව දැනගන්න ඕන. මල්වතු අස්ගිරි කියන්නේ වෙනම ආණ්ඩුද ? එයාල MIC වලට බයිලා ගහනවා

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සහ රට තුළ නිර්මාණය වී ඇති ප්‍රශ්න පිළිබඳ ජාතික බොදු බලසේනා සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ එහි මහලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් අවධාරණය කලේ වර්තමානයේ නිර්මාණය වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ සියලු දෙනාම පොදු ස්ථාවරයකට පැමිණිය යුතු බවයි.

තැන තැන විවිධ කතා පතුරවමින් සිටීම සුදුසු නොවන බව පැවසු උන්වහන්සේ මල්වතු, අස්ගිරි නිකායන් යනු වෙනම ආණ්ඩු දැයි ප්‍රශ්න කළා.

කාදිනල් හිමියන් රටේ ප්‍රශ්න පිළිබඳ ජනමත විචාරණ පැවැත්වීමට යෝජනා කරන්නේ එයා අපේ මහනායක දැයි ප්‍රශ්න කළ ඤාණසාර හිමියන් ඇල්ලේ ගුණවංශ හිමියන් සම්බන්ධයෙන්ද විවේචනයක් සිදු කලේ තැන තැන සිට ආණ්ඩුව විවේචනය කිරීම නොකළ යුතු බව පවසමින්.

සිංහල සමාජය මේ වන විට විශාල ආතතියකින් පෙළෙන බවත් මේ තත්වය තේරුම් ගෙන මහාසංඝරත්නය මුලික වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට දෙකෙන් එකක් විසඳා ගත යුතු බවත් උන්වහන්සේ පවසනවා.

මාධ්‍ය ආයතන සම්බන්ධයෙන්ද විවේචනයක් සිදු කරන ඤාණසාර හිමියන් දෙරණ සහ හිරු නාලිකා සම්බන්ධයෙන්ද විවේචනාත්මක ලෙස අදහස් පළකලා.