ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ.
සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට