Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කවුරුත් නැති තැන රනිල් අගමැති වුණාට අකමැත්තක් නෑ : කවුරු හරි මේක බාර ගන්න ඕන – ගම්මන්පිල

අපි වෙනස් නොවී රනිල් නෙමෙයි මහබඹා ආවත් මේක ගොඩ දාන්න බෑ

මේ අවස්ථාවේ රට පාලනය කරමින් සිටින්නේ 2020 වසරේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දු පවා මේ වන විට උල්ලංඝනය කර ඇති බවයි.

Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා.

අරලියගහ මන්දිරයේ සිට සාමකාමී විරෝධතා කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්  අදහස් පලකරන ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින වඳුරන් වැනි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින්  ඔහුට මෙම අභාග්‍යසම්පන්න ඉරණම අත්පත් කර දුන් බවයි.

වාසුදේව නානායක්කාර මහතා විසින්  මීට සති කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් උපදෙසක් පිළිබඳව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළි කළා.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක් වූ උදය ගම්මන්පිල මහතා අදාළ තනතුර භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් වික්‍රමසිංහ මහතාට එම තනතුර ලබා දීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නොදක්වන බව පැවසුවා.

තමන් වික්‍රමසිංහ මහතාට අකැමැති නමුත් මේ අවස්ථාවේදී කකුලෙන් ඇදීම් සිදුනොකරන බවද ගම්මන්පිල මහතා මෙහිදී  සඳහන් කළා.

ඉංග්‍රීසි ජනකතාවක් උපුටා දක්වමින් ආණ්ඩුව රැක ගැනීම සඳහා තමන් සහ විමල් වීරවංශ මහතා බුරන බල්ලන් සේ කටයුතු කළ ආකාරය ද උදය ගම්මන්පිල මහතා මෙහිදී සිහිපත් කළා.

About The Author