විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය.
විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බව කී අමාත්‍යවරයා එම නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කර මහජන උපයෝගීතා කොමිසමට ඉද්රිපත් කරන බව ද සඳහන් කළේය.
විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූර්ණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි