කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.
ඒ අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙනි.
චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස හරවා යවා තිබුණි.
මීට අමතරව, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.
උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව වාර්තා වෙයි.



අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්