Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඕස්⁣ට්‍රේලියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි.

ඕස්ට්‍රේලියානු කන්ටාස් ගුවන් සමාගමට අයත් යානා තුළ ගමන් ගන්නා මඟීන් සඳහා කොවිඩ් -19 එන්නත අනිවාර්යය කරන බව එම සමාගම පවසා සිටියි. 

කන්ටාස් සමාගම් ප්‍රධානියා වන ඇලන් ජොයිස් පැවසුවේ නියමිත එන්නත සොයා ගත් පසුව මෙම පියවර “අවශ්‍යතාවක්” වනු ඇති බවයි. “මම හිතන්නේ එය ලොව පුරා වෙනත් ගුවන් සමාගම් සඳහා ද පොදු නීතියක් වනු ඇත.” ඔහු පැවසීය.

වසංගතයේ මුල් අවධියේ දී ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශ සීමා වසා දැමූ අතර නැවත පැමිණෙන මඟීන් සඳහා නිරෝධායනය වීම අත්‍යවශ්‍ය නීතියක් බවට පත් කෙරිණි.

රට පුරා දෛනික ආසාදන බිංදුවට ආසන්න තත්ත්වයට තල්ලු කිරීම සඳහා ලොක්ඩවුන් කිරීම, පරීක්ෂණ පුළුල් කිරීම සහ ආශ්‍රිතයින් සොයා ගැනීම කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

පසුගිය සඳුදා ඕස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජොයිස් මහතා කියා සිටියේ කන්ටාස් ජාත්‍යන්තර සංචාරකයින් සඳහා එහි නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බලමින් සිටින බවත්, සංචාරක සීමාවන් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති කර්මාන්තය ඉදිරියට යා හැකි මාර්ග පිළිබඳ සොයා බලන බවත් ය.

“ගුවන් යානයට නැගීමට පෙර එන්නත ලබා ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර අමුත්තන්ගේ පැමිණීම සහ රට හැර යන පුද්ගලයින් සඳහා එය අවශ්‍යතාවක් වනු ඇතැයි අපි සිතමු,” ඔහු පැවසීය.

About The Author