ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ශ්‍රී ලංකේය කෑම වට්ටෝරු සදහා අධික ප්‍රිය තාවයක් දක්වන පුද්ගලයෙක්. පසුගියදා (23) රාත්‍රියේ සිය දියණිය සහ බිරිද වෙනුවෙන් ශ්‍රී ලංකේය රස පදමින් යුත් රොටී සමඟ බැටළු මස් බැදුමක් පිළියෙළ කර දී තිබෙනවා.
එලෙස සකස්ඕ කර දීමෙන් නොනැවතුණු ඔහු සිය face book පිටුවේ සටහනක්ද තබමින් මේ පිළිබද තම මිතුරන්ට දැන්ව ඇති අතර මේ වන විට එය ඉතා ජනප්‍රිය වෙමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වනු දැකිය හැකියි.මෙසේ කතා බහට ලක්වී ඇත්තේ අගමැතිවරයා විසින් පිසූ ශ්‍රී ලාංකික ආහාර වේලකි. ගෝදම්බ රොටී සමඟ බැටළු මස් බැදුමක් ඊට ඇතුළත් විය.
සිය බිරිඳ ජෙනිෆර් සහ දියණියන් වන ඇබී (12) සහ ලිලී(10) එම ආහාර වේලට ඉතාමත් කැමති වූ බව ඔහු සිය face book පිටුවේ සටහන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මීට ඉහුම් පිහුම් කටයුතු වලට දැඩි ප්‍රියතාවයක් දක්වන අතර බොහෝ අවස්ථාවලදී ඔහුගේ ප්‍රමුඛ තෝරාගැනීම ශ්‍රිලංකාවේ ආහාර වට්ටෝරු වීම විශේෂත්වයක් .
මේ පසුගිය දිනක ඕස්ට්‍රේලියාවේ goose දුපතේ පැවති ආහාර සැණකෙළියක් සදහා ද ශ්‍රී ලංකේය කෑම වට්ටෝරුවක් ඉදිරිපත් කර තිබුණේ මේ අයුරින්

එම වෙබ් අඩවිය ට පිවිසෙන්න
අත නොහැර කියවන තැන
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ඒරානන්ද හෙට්ටිආරච්චිගේ “මාධ්‍ය භූමිකා” ජනගත කෙරේ
මගී පර්යන්තයට ආ නොහැකි යෝදයා
විජිත හේරත් කොතක් නිරාවරණය කරද්දී කොත්වහන්සේ අහසේ පාවී පොළවට වඩී