ජනතාව විසින් රටට අවශ්‍ය නිවැරදි නායකත්වය තෝරාගෙන ඇති බවත්, ඒ නිසා ගම සහ නගරය දියුණු වෙමින් පවතින බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරනවා.
වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පොළ දොළුව මිල්ලගහමුල ප්‍රදේශයේ මහරවෙල රජ ඇළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උළෙලට එක්වෙමින් ඔහු මේ අදහස් පළකලා.
මෙම ව්‍යාපෘතියට වය කර ඇති මුදල රුපියල් මිලියන 10 ක්.
මෙම මහරවෙල රජ ඇළ සංවර්ධනය කිරීම තුළින් කුඹුරු අක්කර 108 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට අවස්ව හිමිවන අතර මින් ගොවි පවුල් සියයකට අධික සංඛ්‍යාවකට සෙත සැලසීම රජයේ බලාපොරොත්තුව බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක