Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔන්ලයින් උගන්වන ගුරුවරියන්ට අතවර සහ හිරි හැර – දරුවන් රැසකට අධ්‍යාපනය අහිමි වෙයි

මේ වන විට පාසල් බොහොමයක අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමයටයි.

බොහෝවිට මෙහිදී සිසුන්ට අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ What s app , Zoom , Microsoft Teams මේ මෘදුකාංග සහ ජංගම  යෙදවුම් (Software and Mobile App) ආධාර කරගනිමින්.

දරුවන්ට මේ සඳහා නිශ්චිත උපකරණ ලැබී නොතිබීම හේතුවෙන්   ඔවුන්ට සිදුව තිබෙන්නේ  තම මාපියන්ගේ හෝ  හිතවතෙකුගේ  ජංගම දුරකථන  ආධාර කරගනිමින්  අදාළ ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමටයි.

එහිදී  විශේෂයෙන්ම ගුරුවරියන්ගේ දුරකථන අංක සහ තොරතුරු  බාහිර  පාර්ශ්වය අතට පත් වීම හේතුවෙන්  ගුරුවරියන් රැසකට  විවිධ මානසික ආබාධ ඇති පුද්ගලයන්ගේ  අතවරයට ලක්වීමට සිදුව තිබෙනවා.

දරුවන්  ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා යොමු කරන  සබඳතා යොමුව හරහා (Link) හරහා බාහිර පුද්ගලයන් ද සම්බන්ධ වීමේ  සිදුවීම් මෙන්ම  දරුවන් සහ ගුරුවරියන්  සිටියදීම  අශෝභන ආකරයේ වචන සහ ක්‍රියාවන් සිදු කරන බවටද  වාර්තවනවා. 

මේ සම්බන්ධයෙන්  ගුරුවරියන් විසින්  විදුහල්පතිවරුන්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට  පැමිණිලි රැසක් කර තිබෙන අතර මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි  ඔවුන් පවසන්නේ.

අනෙක් සුවිශේෂී කරුණ වන්නේ  දරුවන්  රැසකට   අදාල ඉගෙනුම් ක්‍රියාවලියට  සහභාගී වීමට ඉඩ කඩ නොලැබීමයි.

කාල සටහන් ඇසුරෙන්  උදෑසන සිට සවස්වරුව දක්වා  පාඩම්  ඉගැන්වීම් සිදු කෙරුණ ද  ඒ සඳහා  සම්බන්ධ වීමට දරුවන්ට හැකියාව නොලැබී තිබෙන්නේ ඔවුන් සතුව ජංගම දුරකථන  නොමැති වීම සහ  එක දිගට  ඒ සමග සමඟ සම්බන්ධ වී සිටීමට අවශ්‍ය  අන්තර්ජාල පහසුකම් නොමැති වීම හේතුවෙන්.

අනෙක් කරුණ වන්නේ  ජංගම දුරකථන බැටරිවල ආයුකාලය, අදාල ජංගම යෙදවුම් සමග පැය දෙක තුනකට වඩා රදවා ගැනීමට අපහසු වීමයි.

About The Author