රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එම ආරංචි මාර්ගවලට අනුව, කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධනව යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.
කෙසේවුවද, බන්ධුල ඇමතිවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමිනි.
තමන්ට පවරා ඇති අතිරේක වගකීම්වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා එම නව පත්වීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා ඊට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කිරීමට යෝජනා වී ඇතැයි ද වාර්තාවේ.
පසුගිය මාස කිහිපයෙහි සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධනට මෙන්ම රමේෂ් පතිරණට ආණ්ඩුවේම ඇතැම් පාර්ශවලින් චෝදනා එල්ල විය.
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්