ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ති ගතයුතුව තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතාගේ කතාවට නොවන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා.
එසේ පවසන අනුර කුමාර දිසානායක මහතා සත්‍ය වශයෙන්ම ජනධිපතිවරයා කිපීමට අවශ්‍ය කරුණු කිහිපයක්ද හෙළිකළා.
එමෙන්ම ඔහු සදහන් කළේ තමන්ට අහිංසකගේ සහ අංගුලිමාලගේ චරිතයක් යන ආකාරයෙන් චරිත දෙකකට පණ පෙවීමට හැකි බව පැවසු බවයි.
ගමේ ජනතාව මෙවැනි පුද්ගලයින් දෙබිඩ්ඩන් ලෙස හදුන්වන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළා.
තමන්ගේ නම කියූ විට කිපෙන ජනාධිපතිවරයාට ජනවරමට අනුව කිපීම සඳහා,
- සීනි රුපියල් 50 ක් අඩුවෙන් ජනතවට ලබා දීමට හැකිව තිබියදී ලබා නොදීම.
- රුපියල් 95 ට නාඩු සහ රුපියල් 98 ට සම්බා සහල් ලබා දෙන බව පවසා ගැසට් නියෝගයක් නිකුත් කළ පසු ජනතාවට වැඩි මිලට සහල් විකිණීම.
- වැඩි මිලට PCR කට්ටල ලංකාවට ගෙන ඒම.
- සංචාරකයින් මෙරටට ගෙනවිත් සිදු කරන පිස්සුව.
ආදී කරුණු පිලිබඳ සිතා කිපීමට තිබු බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළා.
එබැවින් චන්ඩි සහ සමාජය බිය වද්දන දේශපාලනය මෙරටට වලංගු නොවන බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද දිසානායක මහතා සදහන් කළා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි