යහපාලන රජය සමයේ විකුණා දැමු දේපල නැවත අත්පත් කරගන්නා බව කියමින් බලයට පත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එම කතා සියල්ල බැහැර කරමින් රටේ සම්පත් විකුණා දැමීමට කටයුතු කරමින් සිනා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩි ලාල්කාන්ත මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ අනුව ජනාධිපතිවරයා දිව දෙකේ කතා කියමින් සිටින බවයි.
හම්බන්තොට චීනයට ලබා දී ඇති බැවින් ඉන්දියාවට කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට සිදුවන බව ජනාධිපතිවරයා පසුගියදා වෘතීය සමිති නායකයන් හමුවේ පැවසු බව පෙන්වා දෙන ලාල්කාන්ත මහතා ඉන් පැහැදිලි වන්නේ නැගෙනහිර පර්යන්තය කොතෙක් ලාභ ලැබුවද එය විකුණා දැමීමේ තීරණයේ රජය දැඩිව සිටින බව ද පෙන්වා දුන්නා.
ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සඳහා සියලු බලවේග සමග එක්ව අරගලයක් දියත් කරන බවයි ඔහු පසුගියදා (14) පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි