Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එන්නත ලබා දීමේදී අධි අවධානම් කලාප වල ජනතවට සහ ජනතාව සමඟ නිතර ගැවසෙන නිලධාරීන්ට ප්‍රමුඛතාව දෙන්න – ජනපතිගෙන් උපදෙස්

කොරෝනා මර්ධන එනත්කරණ වැඩපිළිවෙල යටතේ අධි අවදානම් සහිත කලාපවල ජීවත්වන ජනතවට සහ ජනතාව සමග සමීපව කටයුතු කරන නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ සිට ක්‍රියාත්මක බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.

හිගයකින් තොරව එන්නත් ලබා ගැනීම සහ එන්නත්කරණ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය පිළිබඳවද සෞඛ්‍ය අංශ සමගින් සම්බන්ධීකරණය වෙමින් සිය බලන ලෙස ජනාධිපතිවරයා විසින් යුධ හමුදාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.