එක්සත් ජාතික පක්ෂය සදහා නව නායකයෙකු පත් කිරීම 2021 ජනවාරිය තෙක් ප්‍රමාද වනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව නුදුරු දිනකදී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය හැර යාමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය නායකයෙකු පත් කර ඔහු මීලග නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නිවේදනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබද තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර මීළග පළාත් සහා ඡන්ද විමසීම සදහා ද එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්ගේම නායකත්වය යටතේම මුහුණ දෙනු ඇති බවයි සිරිකොත ජේෂ්ඨයෙකු මී මැස්සසාට පැවසුවේ.
මේ සම්බන්ධව සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පවත්වා තිබෙන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කෙසේවෙතත් එම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ නවීන් දිසානායක ,රුවන් විජේවර්ධන,අර්ජුන රණතුංග සහ රවී කරුණානායක යන මහත්වරුන් පමණක් බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට