Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

‘එජාප’ නගරාධිපතිගේ සේවය ආණ්ඩුකාරවරයකු විසින් අත්හිටුවයි

මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන තිබෙනවා. ඉකුත් කාලයේදී නගරාධිපතිවරයාගේ කටයුතු පිළිබද විමර්ශනය කිරීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කොට තිබෙනවා.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ගැසට් නිවේදනය නිකුත් කරමින් තමන්ට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මාතලේ නගරාධිපතිවරයාගේ සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුලත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී ඇති බවයි.

ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික  විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277  (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.

මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මහතා ට මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රියාත්මක කිරිමට බලය පවරා තිබේ.

About The Author