කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා (31) පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබෙනවා.
එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බවයි පැවසෙන්නේ.
ඔහු කන්නයකට වී මෙට්රික් ටොන් ලක්ෂ 5 ක් මිලදී ගෙන තිබෙන අතර රුපියල් අනුවට මිලදී ගත් වී රුපියල් 220 ට විකුණා තිබෙන බවත් එක කිලෝවකින් රුපියල් 70 ක ලාභයක් ලබා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර තිබෙනවා.
මෙවැනි දේ සිදු වෙද්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්නේ කොහිදැයි අලුත්ගමගේ මහතා ප්රශ්න කිරීම විශේෂත්වයක්.
රේස් බුකි තිබෙන අයකුගේ ලිපිගොනුවක් ද තමා ගෙන්වා ගත් බවද බිලියන 10 ක් ගෙවන්නැයි ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපියක් යවා තිබෙන අතර ඔහු එය ගෙවන්නට නොහැකි බවට ලිපියක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත් වසරකට පසු පරීක්ෂණයක් තබා ලක්ෂ 10 ක් අය කරගෙන බදු ෆයිල් එක වසා දමා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා.
මත්පැන් බලපත්ර ලාභියෙකු මසකට ලක්ෂ පහළොවක විස්සක ශුද්ධ ලාභයක් ලබන නමුත් වසරකට බදු ලෙස ගෙවන්නේ ලක්ෂ දෙකක් හෝ තුනක් පමණක් බවද පෙන්දුන් අලුත්ගමගේ මහතා ඉන්ධන පිරවුම් හල් හිමියෙක් වසරකට බදු ගෙවන්නේ පනස් දහසක් හෝ හැට අටදහසක් පමණක් බවද මන්ත්රීවරයා කීය.
රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගත්තොත් අයි.එම්.එෆ් යන්න අවශ්යනොවන බවද අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර තිබෙනවා.
©ලංකාදීප
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි